"හලෝ, මැණික. ඔව්, මම දැන් බාබර් මහත්තයා එක්ක ඉන්නේ. අපි කතා කරන්න තමයි යන්නේ, නමුත් මම පැයකින් ගෙදර එනවා. ඔව්, කෑම ගැන කණගාටුයි, නමුත් ඔයා තත්වය දන්නවනේ. අනික ඒක හැමදාම වෙන්නේ නැහැනේ, එහෙම නේද? ඔව්, හරි, ස්තූතියි, මැණික. ඔයාව ඉක්මණින්ම මුණ ගැහෙන්නම්."
"හරි, බාබර් මහත්මයා, මේ මොකක් ගැනද?"
"කරුණාකරලා, මට ජිම් කියලා කියන්න. මම ඔයාට රොන් කියන්නද? අපි සුවපහසු විදිහට වාඩි වුන ගමන්ම මම ඔයාට කාරණය කියන්නම්. නමුත් මම මේක කියන්න ඕනේ. ඔයාට කරදර වෙන්න කිසිම දෙයක් නැහැ. මම ශුභාරංචි ගෙනෙන කෙනා මිසක් නරක දේ ගේන කෙනා නෙමෙයි. මම ආවේ උදව් කරන්න. බාධා කරන්න නෙමෙයි.
නිහඬ බාර් එකක් පිටුපස ඇති කුටියක ඔවුන් අසුන් ගත් විට මේසය මත, ට්‍රිම් ටැබ් රයි බ්‍රවුන් බීර ජෝගුවක් සහ වීදුරු දෙකක් සමඟ තබන ලදී. විනාඩි පහකට පමණ පසු බොබ් පැවසුවේ,
"චියර්ස්, රොන්," රොන් සමඟ වීදුරු එකිනෙක වද්දා සව්දිය පිරීමට ඔහුගේ වීදුරුව ඔසවමිනි.
"චියර්ස්," ඔහු පිළිතුරු දුන්නේය, "මම කන් දීගෙන ඉන්නේ."
ඔයාගේ තත්වය ගැන මම දන්නවා. මට කණගාටුයි, ඒක ඔයාව පුදුමයට පත් කරා කියලත් මම දන්නවා. විසඳුමක් ගැන ඔයා මේ ලඟකදී අපේ නියෝජිතයෙකුට කතා කරා කියලා මට තේරෙනවා.
"මම ටිකක් ව්‍යාකූලයි. මම නොපැහැදිලි වෙන්න අදහස් කරන්නේ නැහැ. නමුත් මේ ඔක්කොම වලින් අදහස් කරන්නේ මොකක්ද. මොන නියෝජිතයාද, මොන තත්වයක්ද?
ඔයාගේ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවක් තියනවා, ඔයාගේ බිරිඳ ධනවත් වැන්දඹුවක් විදිහට හැර යන්න පුළුවන් ක්‍රමයක් මට තියනවා. ඒක ඔයාගේ මතකය අලුත් කරනවද?"
"ඔයා ඒ ගැන දන්නේ කොහොමද?"
මේ බියර් නම් නියමයි. මම කිව්ව විදිහට, ඔයා එක දවසක හවස අපේ කෙනෙකුට කතා කරා. බාර් එකක, සමහර විට මේකෙම වෙන්න පුළුවන්. මම හිතුවේ බාර් එක බලන මනුස්සයා ඔයාව අඳුර ගනියි කියලයි. ඔයා මෙහෙ කතා කරන්න සතුටුද, නැත්නම් ඔයා වෙන තැනකට යන්න කැමතිද?
නැහැ, ඒක ගැටලුවක් නෙමේ. මෙතන වෙන තැන් වගේම හොඳ තැනක්.
ඔව්, මගේ අත්දැකීමේ හැටියටත් මේක හොඳයි, ඔයාගේ වීදුරුව පුරවන්න මට ඉඩ දෙන්න. ඔයා ශැන්ඩි ටිකක් ගන්නත් කැමතිද?
"ඇයි නැත්තේ?"
බොබ් අතක් එසවූ අතර වේටර්වරයා ක්ෂණයකින් ඔවුන් වෙත පැමිණියේය. ඔහු වෛයිල්ඩ් ටර්කි කුඩා ප්‍රමාණයක් ඇණවුම් කළේය.
"මම හිතන්නේ ඔයාට විස්තර මතක ඇති."
"ඇයි ජිම්, ඔයාගේ තණතීරුව ඔයා හදන්නේ නැත්තේ, අපි එතනින් පටන් ගමු."
හරි, රොන්, ඔයාට සෙල්ලම් කරන්න ඕනේ විදිහට අපි යමු. ඔයා අපේ කෙනෙක්ට කියලා තියනවා ඔයාට ඉතා ඉක්මනින් විශාල මුදලක් උපයා ගන්න අවශ්‍යයි කියලත්, ඔයා සහ ඔයාගේ පවුලේ අය මූල්‍ය අර්බුදයක ඉන්න නිසා ඒක විසඳ ගන්න ඔයාට වැඩි කාලයක් නැහැ කියලත්.
"කවුද ඔයාට ඒක කිව්වේ?"
දවසකදී ඔයාව මුණගැහුණු මිනිහෙක්, ඔයාත් එක්ක බීම ස්වල්පයක් පානය කරාම ඔයා ඔයාගේ හදවත ඇරලා කතා කරා, මම කීව්ව විදිහට, ගොඩක් වෙලාවට මෙතන වෙන්න පුළුවන්.
රොන් මදක් නැවතී කල්පනා කළේය. ඔහුට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ඇති බවත්, ජීවත් වීමට මාස තුනකට වඩා කාලයක් නැති බවත් වෛද්‍ය ක්‍රෝගෙන් ආරංචි වූයේ මෙයට දෙසතියකට පෙරය, නමුත් ඔහු තම බිරිඳට ඒ බව පවසා නොතිබූ අතර අදාළ සන්ධ්‍යාව ගැන බොහෝ දේ ඔහුට මතකයක් නොතිබුණි. ආගන්තුකයන් කිහිප දෙනෙකු සමඟ කතා කරමින් හොඳින් විනෝද වූ බව පමණක් ඔහුට මතකය. ඇත්තෙන්ම ඔහු තරමක් බීමත්ව සිටි බව පෙනෙන්නට තිබූ අතර එය මේ දිනවල අසාමාන්‍ය දෙයක් විය.
නියෝජිතයා පැමිණ සිටියේ රොන්ව අවුල් කිරීම සඳහාය. එය සමාගමේ දෛනික ක්‍රියා පටිපාටියේ කොටසක් වූ බැවින් මුල් තොරතුරු ලබා දුන් වෛද්‍යවරයා, මේ කාරණය සමඟ මොනයම් ආකාරයක හෝ සම්බන්ධයක් ඇති බව වසන් කිරීම ඔවුන්ගේ අරමුණ විය.
මට කණගාටුයි, රොන්, නමුත් මම මේවා ගැන දන්නේ කොහොමද කියලා මට ඔයාට කියන්න බැහැ. ඒක ගොඩාක් වැදගත්ද?
නැහැ, කොහෙත්ම නැහැ. නිකම් කුතුහලයක් විතරයි.
"ඔයාට මතකද ඔයා අපේ ක්‍රියාකරුට කිව්ව දේ"
"ටිකක් විතර."
"ඔයා තාමත් ඒ ගැන උනන්දුවක් දක්වනවාද?"
"ඔව්."
"හරි. ජයවේවා!
ගරෙග් මාර්සේ ප්‍රොවෙන්ස් ගුවන් තොටුපළට පියාසර කර කුලී රථයකින් ලෙස් කැලන්ක්ස් ද කැසිස් අසල පිහිටි විශාල මන්දිරයක් වෙත ගියේය. කුලී රථයට ගේට්ටු වලින් ඇතුළු වීමට ආරක්ෂක භටයින් ඉඩ නොදුන් නිසා ගරෙග් රියැදුරුට මුදල් ගෙවා ආරක්ෂකයින්ට තමාගේ පැමිණීමට සාක්ෂි පෙන්වූ අතර පසුව වහලය විවෘත කලහැකි රෝල්ස් රොයිස් කැමාර්ගු රථයකින් ඔහුව සැතපුම් කාලක් පමණ දුරින් පිහිටි ප්‍රධාන නිවස වෙත රැගෙන ගියේය.
ජෙනාරෝ, ඉදිරිපස පෝටිකෝව අසල පිහිටි ආලින්දයට වී ඔහු එනතුරු බලා සිටියේය.
"ඔයා ආයේ ආපු එක කොච්චර හොඳද, ඒ වගේම ඔයාව දැකීම කොතරම් සතුටක්ද" ඔහු කීවේ නිවැරදි ඉංග්‍රීසි උච්චාරණයකිනි.
"ආයේ මෙහේ ඇවිත් ඔයාව දැකීමත් සතුටක්" යනුවෙන් ගරෙග් පැවසීය. "ව්‍යාපාරය, සතුට එක්ක මිශ්‍ර කරන එක නරකයි කියලා කවුරු කිව්වත්, ඒ මනුස්සයා ව්‍යාපාරිකයෙක්වත්, විනෝදකාමී කෙනෙක්වත්, නෙමෙයි!"
"ඔහ්, මගේ යාළුවා, මම ඔයා එක්ක සියයට සියයක් එකඟයි." ඔහු ගරෙග් සමඟ දෑත් සොලවා, වැළඳ ගැනීමට නැගී සිටි අතර පසුව ඔහු ඇඟිලි ශබ්ධ කල විට, ට්‍රොලියක් මත වීදුරු දෙකක් සහ අයිස් බාල්දියක බහා තිබු බොලිංගර් බෝතලයක් සමග ප්‍රධාන මෙහෙකරුවා පැමිණියේය.
"ගරෙග්, ඔයා ප්‍රාණවත් භාවයට පත්වෙන්න කැමතිද?"
"ජෙනාරෝ, ස්නානයකටයි, ඔයාගේ අපූරු පිහිනුම් තටාකයේ ඉක්මන් කිමිදීමකටයි මම කැමතියි, ඒක පුලුවන් නම්."
"ඇයි, ඇත්තෙන්ම පුළුවන්, කොල්ලෝ." ජෙනාරෝ තම ජංගම දුරකථනයකට කතා කළ අතර ගොල්ෆ් කරත්තයක්, ඔවුන්ව නිවස පිටුපසට රැගෙන යාම සඳහා පැමිණියේය.
"ඔයාගේ දේවල් ඔයාගේ කාමරයට අරගෙන ගිහින් තියෙන්නේ. ඒ උනාට අතන තියන ඇඳුම් මාරු කරණ තැන ඔයාට පවිච්චි කරන්න ඕනේ තරම් ට්‍රන්ක් තියනවා. ඒක තියෙන්නේ කොහේද කියලා ඔයාට මතකද?"
"ආ ඔව්. මට කොහොමද අමතක වෙන්නේ? මම අන්තිම සැරේ මෙහෙ ඉන්නකොට මොනික් හිටියේ ..."
අහ්, ඔව්, මොනික්, ඒ වගේ ආකර්ශනීය ගැහැණු ළමයෙක්, නමුත් අයියෝ, එයා තවදුරටත් අපිත් එක්ක නැහැනේ. අපට සිද්ධ වුනා එයාට යන්න දෙන්න. ඔයාගේ සතුට ඒක නම්, අපිට තවත් අය ඉන්නවා.
"සමහර වෙලාවට, පස්සේ. මට ඕනේ මේ මහන්සිය මගෙන් අයින් කරගෙන ටික වේලාවක් සිසිල් වෙන්නයි. කොහොම උනත් තව චැම්පේන් වීදුරුවක් නම් වැඩි වෙන්නේ නැහැ.
ජෙනාරෝ ඒ සඳහා සන් කල අතර එය සිදු විය.
ගරෙග් ඔලිම්පික් තරඟ පවත්වන ප්‍රමාණයේ පිහිනුම් තටාකයේ තරමක වේලාවක් පිහිනීමෙන් පසු, නැවතත් තම සත්කාරකයා සමඟ වාඩි විය.
"ඒක හරිම අපූරුයි, මගේ මිත්‍රයා, මම ඔයාගේ ජීවන රටාවට ඊර්ෂ්‍යා කරනවා."
ඔයාටත් ඒ විදිහටම ඉන්න පුළුවන්, මම හිතනවා, නමුත් මම මගේ මාර්ගය තෝරගත්තු විදිහට ඔයා ඔයාගේ මාර්ගය තෝර ගත්තනේ. අපි මොනවා හරි කමුද?"
"ඔව්, ඒක ගොඩාක් හොඳයි."
ඔයා කැමති දේවල් මොනවත් තියනවද? ඔයා වෙනුවෙන් ඕනෑම දෙයක් හදන්න කියලා මට කෝකියට කියන්න පුළුවන්.
"නැහැ, ඔයා මාව දන්නවනේ. අනිත් අය කන දේම මම කන්නම්.
"මම එහෙම කරයිද කියලා මට විශ්වාස නැහැ, නමුත් මම ඒ හැඟීම් අගය කරනවා."
ඔහු නැවතත් ජංගම දුරකථනයට කතා කළේය.
"මිනිත්තු දහයක්. මම වංචා කළා. මට මතකයි ඔයා කොච්චර පහසු කෙනෙක්ද කියලයි, මුහුදු ආහාර වලට තියන ඔයාගේ කැමැත්තයි, ඒ නිසා කෝකියා මේ වෙනකොටත් යමක් ලෑස්ති කරමින් ඉන්නේ. එයාලා ඒක මෙතෙන්ට ගෙනෙයි.
"ඔව්, මම මුහුදු ආහාර වලට කැමතියි, ජයවේවා!"
ඔවුන් එකිනෙකා ගැන සෑම දෙයක්ම දැන සිටි නමුත් එසේ නොවන බව මවා පෑහ. ඔවුන් දෙදෙනාම ධනවත් අය වූ නමුත් ජෙනාරෝ, ගරෙග්ට වඩා සැප පහසු ජීවන රටාවට පුරුදු වී සිටියේය. ගරෙග් අලුත් මුදල් විය, මන්ද ඔහු වැඩි මුදල් ප්‍රමාණයක් ඉපැයුවේ හමුදාවෙන් ඉවත් වූ දා සිට බැවින් වන අතර ජෙනාරෝට ඒ පිළිබඳව වැදගත්කමක් නොවුයේ, ඔහු මුදල්, මුදල් ලෙස පමණක් සලකා එය කොපමණ පැරණිද, නැතහොත් කොහෙන් පැමිණියාද යන්න ගැන උනන්දුවක් නොදැක්වූ බැවිනි.
ජෙනාරෝ යනු එම ප්‍රදේශයේ තුන්වන පරම්පරාවේ මාෆියා කැපෝ ඩි ටුට්ටි කැපි වන අතර, ඔහුගේ සීයා පළමු ලෝක යුද්ධයෙන් පසු සිසිලියේ සිට මාර්සේ වෙත පැමිණ ඇත. ඔවුන්ගේ පවුලට තවමත් සිසිලි දූපතේ ඉඩම් සහ ගොවිපලවල් තිබූ අතර ජෙනාරෝ නිතරම ගුවන් තොටුපලේ තබා තිබූ ඔහුගේ පෞද්ගලික ගුවන් යානය මගින් ඒවා නැරඹීම සඳහා එහි ගියේය.
ඔහුගේ මාෆියා පවුල මාර්සේ අවට ප්‍රදේශය පාලනය කළ අතර ඔහු ජීවත්වූයේ රාජකීයයෙකු හෝ රාජ්‍ය නායකයෙකු ලෙසය. ඔහු විවාහකයෙකු වූ අතර ගරෙග් හට ඔහුගේ බිරිඳ එක් වරක් මුණගැසී තිබූ නමුත් ඇය වැඩි කාලයක් ගත කළේ සිසිලියේ වන අතර ගරෙග් පැමිණෙන විට ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටි අතර ඔවුන් නිතරම එක්සත් රාජධානියේ බෝඩිං පාසලේ ඉගෙනුම ලබමින් සිටියහ.
"ඉතිං ජෙනාරෝ, මේ සැරේ කුමන්ත්‍රණය මොකක්ද?"
"හොඳයි, මගේ මිත්‍රයා, මම ඔයා වෙනුවෙන් මේ සැලසුම් සකස් කරලා තියනවා." ඔහු මේසය යටින්, අගුලු දමා තිබූ ලාච්චුවකින් ෆෝල්ඩරයක් ගත්තේය. අපි දැන් ඒක බලමුද, ඔයාට හිතෙන පලවෙනි හැඟීම මට දෙන්න ඔයාට පුළුවන්, ඔයා කියන විදිහට, මේකේ රැලි අයින් කරන්න.
"ඔව්, හොඳයි, ඒක හොඳ අදහසක්." A1 ප්‍රමාණයේ කඩදාසි කොලයක් දිගහරිමින් සිටි තම මිතුරා අසල හිඳ ගැනීමට ගරෙග් ඉදිරියට ගියේය.
"අපි මුලින්ම මේක දිහා බලලා පස්සේ විනෝදයක් අරගෙන ඔයාට පුළුවන් ඔයාගේ හිතෙන් මේක රෝල් කරලා බලන්න, ඔයා ඉවෙට් ව ඇඳේ රෝල් කරන ගමන්." ජෙනාරෝ මහ හඬක් නගමින් සිනාසෙමින් ගරෙග්ගේ පිටට තට්ටු කළේය.
"ජෙනාරෝ, ඒක දැනටමත් හොඳ සැලැස්මක් වගේ."
දින කිහිපයකට පසු ඔවුන් නැවත මුණගැසුණු විට, ඔවුන් බොහෝ කලකට පෙර එකිනෙකාගෙන් වෙන්වූ සහෝදරයන් මෙන් වූහ, එය සැමවිටම එසේ විය. ගරෙග්, බොබ්ට අතට අත දී ඔහුව වැලඳගත්තේ හදවතින්ම පැමිණි වැළඳ ගැනීමකිනි.
"බොබ්, ඔයාගේ ගමන කොහොමද?" ජෙනී අභාවප්‍රාප්ත වූ දා සිට බොබ් වැඩි කාලයක් ගත කළ ගරෙග්ගේ ගොවිපලේ ආලින්දයේ, ලැප්රෝයිග් බෝතලයක් සමඟ ඔවුන් සැප පහසු ලෙස වාඩි වී සිටින විට ගරෙග් ඔහුගෙන් විමසීය. ඔහු තනිව ජීවත්වූ නිසා ඔහුත් සමග බොබ් එහි සිටීම ගැන ගරෙග් සතුටු විය.
"ඒක සම්පුර්ණයෙන්ම සාර්ථකයි, ගරෙග්. මට අනාගතයේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් තුනක් හම්බවුනා. ඒවලින් එකක් ටිකක් බිඳෙන සුළුයි.
"ඔව්, ඒ ලකුණු ගැන ඔයාගේ තීරණය එක්ක මම එකඟ වෙන්නම්, බොබ්. ඔයා ඒ හැම දෙයක්ම ඔයාගේ වාර්තාවට ඇතුළු කරලා ඇති කියලා මට විශ්වාසයි."
ඔව්, ඒ ඔක්කොම මෙතන තියනවා, ඔහු පැවසුවේ ඔවුන් අතර මේසය මත තබා තිබූ නිල් පැහැති ෆෝල්ඩරය අතින් තල්ලු කරමිනි.
"ඔයාට ස්තුතියි. මම ඒ ඔක්කොම ටයිප් කරලා දත්ත ගබඩාවට ඇතුළු කරන්නම්. අපේ අලුත් අයට පුහුණුව පටන් ගන්නේ කවදාද?
"මම හිතන්නේ සති දෙකකට විතර පස්සේ. සඳුදා වෙන කොට අපට තවත් අලුතින් බඳවා ගත්තු තුන් දෙනෙක් ලියාපදිංචි කරන්න පුළුවන් කියලා මට හොඳටම විශ්වාසයි, නමුත් ඒක කොහොමද කියලා ඔයත් දන්නවනේ.
ඔව්, එයාලා ඇත්ත වශයෙන්ම එනකන්ම අපි ඒ ගැන හරියටම දන්නේ නැහැනේ? දැනට පුහුණුවීම් වල ඉන්න දෙන්නා කොහොමද?"
ඔහ්, එයාලා කැපවෙලා ඉන්නවා, ... අපිට එයාලා එක්ක ප්‍රශ්න නැහැ. මට පුළුවන් තරම් මම එයාලා ගැන විශ්වාස කරනවා. එයාලට අවස්ථාවන් එහෙම අපිට ලැබිලා තියනවද?
"මම හිතන්නේ, අඩුම ගානේ එයාලගෙන් එක කෙනෙකුට හරි තියනවා.
සර්, අපි කොකේසියානු ද්‍රව්‍ය කිහිපයක් හුදකලා කරලා තියනවා. ඒ දර්ශනවලට අනුව පිපිරුම සිද්ධ වෙනකොට ඒ තට්ටුවේ හිටියේ සුදු ජාතිකයින් දෙන්නෙක් විතරයි.
එයාලගෙන් එක්කෙනෙක් තාමත් ජීවතුන් අතර ඉන්නවා. අනිත් එක්කෙනාගේ හිස හරහා යකඩ කෑල්ලක් ගිහිල්ලා. නමුත් ශරීර දෙකම සම්පුර්ණයෙන්ම තියනවා. මේකෙන් අදහස් වෙන්නේ ගණන් ගන්න බැරි කොකේසියානු ජාතිකයෙකුගේ කොටස් අප සතුව තියනවා, එහෙම නැත්තම් ... "
"එහෙම නැත්තම්, මිනිහා අපේ බෝම්බකාරයා ... කොකේසියානු මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් ... අපි එයා ගැන මොනාවත් දන්නවද?"
නැහැ, සර්, ඇත්තටම නැහැ, නමුත් අපි තාමත් ඒ ගැන හොයනවා. එයා අනිවාර්යයෙන් පිරිමි කෙනෙක්; වයස අවුරුදු හතළිස් පහක් විතර, යුරෝපීය හෝ ඇමරිකානු. ඔයා කියන විදිහට, කොකේසියානු සම්භවයක් තියන කෙනෙක්. ඩී.එන්.ඒ. මේ හැම එකටම සාක්කි දෙනවා, නමුත් පැහැදිලිවම ඒකට හේතුව අපට කියන්න බැහැ.
ඔව්, සැරයන් ඔයාට ස්තුතියි, මට තේරෙනවා ඇයි ඩී.එන්.ඒ. වලට අපිට හේතුවක් කියන්න බැරි කියලා. කොකේසියානු ජාතිකයෙකුට විදේශ රටකදී පුපුරුවාගන්න අවශ්‍ය ඇයි?
සමහර විට එයා ඉස්ලාම් වැළඳගෙන ඇති, සර්. ගොඩාක් දෙනෙක් එහෙම කරනවා.
ඒක වෙන්න පුළුවන්, සැරයන්, ඒ වගේම දැනට බොහෝ විට පැහැදිලි කරන්න පුළුවන් එකම හේතුව ඒක වෙන්න පුළුවන්. වෙනත් යෝජනා මොනවත් තියෙනවද?"
"මුකුත් නෑ සර්."
එහෙනම්, අපිට වැඩ කරන්න තියෙන්නේ ඉස්ලාම් ආගමට හැරිච්ච, අන්තවාදී කොකේසියානු ජාතිකයෙක් කියන න්‍යාය එක්කයි. ආගම මාරු කරපු අය ගැන දන්නේ කවුද?"
"ඉමාම්වරු, සර්."
ඉමාම්වරු, ඔව්, එයාලා, එයාලා දන්නවා නේද? ආණ්ඩුවේ කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න, මම දන්නේ නැහැ කාත් එක්කද කියලා, එයාලගෙන් අහන්න, සියලුම ඉමාම්වරුන්ට, මෙහෙයි, පිට රටයි ඉන්න ඔක්කොටම, ඊමේල් කරන්න පුළුවන්ද කියලා තොරතුරු අහලා, සුදු ජාතික ආගම මාරු කරපු කෙනෙක් ගැන වාර්තා වෙලා තියනවද කියලා. පසුගිය දවස් කිහිපයේ හරි සති ගානක් පුරා හරි එහෙම අය අතුරුදහන් වෙලා ඉන්නවද කියලා හොයලා බලන්නත් කියන්න."
"මම ඒක ගැන බලන්නම්, සර්" කණ්ඩායමේ එක් අයෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය.
"ඒක ඉතාම අමාරු දෙයක්. එයාලා දහස් ගණනක් ඉන්න පුළුවන්. කොහොම හරි, අපිට තියෙන්නේ මේ හෝඩුවාව විතරක් නිසා අපිට ඒ ඔස්සේ ක්‍රියා කරන්න වෙනවා. මෑතකදී හරි, මෑතකදී නොවී හරි, ඉස්ලාම් ආගම වැළඳ ගත්තු මැදි වයසේ ඉන්න සුදු කොකේසියානු ජාතිකයෙකු අප සතුව ඉන්නවා, මිනිහා කොච්චර අන්තවාදීද කියනවා නම්, අල්ලාහු අක්බර් කියලා කෑගහන්නත් අමතක වුනා.
ඒක හරියි කියලා පේන්නේ නැහැ, ඒ වගේම ඒක අපිට ලේසි වෙන්නෙත් නැහැ."
පොලිස් කපිතාන් අල්ලාවි බෝම්බකරු මිය යාමට තත්පර කිහිපයකට පෙර ගත් ඔහුගේ විශාල කරන ලද ඡායාරූපය දෙස බලා මිමිණුවේය,
"ඔයා කවුද, ඇයි ඔයා එහෙම කරේ?"
3 පෙක්හැම්, ලන්ඩන්
ඇන්ජලිකා ස්මිත් මහත්මිය, ගිනිකොන දිග ලන්ඩනයේ පෙක්හැම් හි සිය මුළුතැන්ගෙයිහි භාජන සෝදමින් සිටි අතර, ලියුම් පෙට්ටියේ දොර වැසෙන හඬ ඇයට ඇසුණි. එම උදෑසන, ඒ වන විටත් තැපැල් බෙදා හැර තිබුන බැවින් එය අනවශ්‍ය වෙළඳ දැන්වීමක් යැයි ඇය උපකල්පනය කළාය. කෙසේ වෙතත්, උදෑසන ආහාරය ගත් භාජන සෝදා දැමූ පසු ඇය, කුඩා තුවායකින් දෑත් පිසදා ගෙන කේතලය ලිප තැබුවාය. ඉන්පසු ක්ෂණික කෝපි තේ හැන්දක් ජෝගුවකට දැමූ ඇය ඉදිරිපස දොරටුව වෙත ගොස් තමාට විශේෂ දීමනාවක් ලැබී තිබේදැයි සොයා බැලුවාය.
ලැබෙන තැපැල් ලබා ගැනීමට භාවිතා කරන කම්බි කූඩයේ තිබුනේ එක් ලියුම් කවරයක් පමණි.