මළවුන්ගේ මධ්‍යස්ථානය - Owen Jones

Скачать книгу

Если нет возможности читать онлайн, скачайте книгу මළවුන්ගේ මධ්‍යස්ථානය файлом для электронной книжки и читайте офлайн.

Шрифт
Фон

මළවුන්ගේ මධ්‍යස්ථානය

සෑම මරාගෙන මැරෙන බෝම්බකරුවෙක්ම ආගමික නොවේ!

ඕවන් ජෝන්ස්

විසින්

පරිවර්තනය

රොෂාන් පෙරේරා

ප්‍රකාශන හිමිකම © 2021 ඕවන් ජෝන්ස්

මෙම කෘතියේ කතුවරයා ලෙස හඳුනා ගැනීමට ඕවන් ජෝන්ස්ට ඇති අයිතිය 1988 ප්‍රකාශන හිමිකම් සැලසුම් සහ පේටන්ට් බලපත්‍ර පනතේ 77 සහ 78 වගන්ති වලට අනුකූලව ප්‍රකාශ කර ඇත. කර්තෘගේ සදාචාරාත්මක අයිතිය තහවුරු කර ඇත.

මෙම ප්‍රබන්ධ කෘතියේ චරිත හා සිදුවීම් හුදෙක් කර්තෘගේ පරිකල්පනයේ නිෂ්පාදනයන් වන අතර ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධ ලෙස භාවිතා වේ. සමහර ස්ථාන පැවතිය හැකි නමුත් සිදුවීම් සියල්ල සම්පූර්ණයෙන් ප්‍රබන්ධාත්මකය.

මළවුන්ගේ මධ්‍යස්ථානය

ඕවන් ජෝන්ස් විසිනි

මේගන් ප්‍රකාශන සේවා

විසින් ප්‍රකාශයට පත් කෙරිණි

http://meganthemisconception.com

ඉලෙක්ට්‍රොනික පොත්, බලපත්‍ර සටහන්

මෙම විද්‍යුත් පොත සඳහා බලපත්‍ර ලබා දී ඇත්තේ ඔබේ පුද්ගලික විනෝදය සඳහා පමණි. මෙම විද්‍යුත් පොත පිටපත් කිරීම, නැවත විකිණීම හෝ වෙනත් පුද්ගලයින්ට ලබා දීම ඔබ විසින් නොකළ යුතුය. ඔබ මෙම පොත වෙනත් අයෙකු සමඟ බෙදා ගැනීමට කැමති නම්, කරුණාකර එක් එක් තැනැත්තා සඳහා අතිරේක පිටපතක් බැගින් මිලදී ගැනීමට කාරුණික වන්න. ඔබ මෙම පොත කියවන විට ඔබ එය මිලදී නොගත්තේ නම් හෝ එය ඔබේ භාවිතය සඳහා පමණක් මිල දී ගෙන නොමැති නම් හෝ කරුණාකර මය මේගන් ප්‍රකාශන සේවා වෙත ආපසු බාරදී ඔබේම පිටපතක් එයින් මිලදී ගන්න. මෙම කතුවරයාගේ වෙහෙසට ගරු කිරීම ගැන ඔබට ස්තූතියි.

කැප කිරීම

මෙම සංස්කරණය මගේ බිරිඳ ප්‍රනම් ජෝන්ස් වෙනුවෙන් කැප කර ඇති අතර ඒ මගේ ජීවිතය ඇයට හැකි අන්දමින් පහසු කරවීම වෙනුවෙනි - ඇය ඒ සඳහා විශාල වැඩ කොටසක් ඉටු කරයි.

කර්මය සෑම කෙනෙකුටම කාරුණිකව ආපසු ගෙවනු ඇත.

ප්‍රබෝධමත් කිරීමේ උපුටා දැක්වීම්

ඔබ එය අසා ඇති පමණින් කිසිවක් ගැන විශ්වාස නොකරන්න,

බොහෝ දෙනා ඒ ගැන කතා කළ පමණින් හා කටකතා පැතිරවූ පමණින් කිසිවක් විශ්වාස නොකරන්න,

ඔබේ ආගමික ග්‍රන්ථවල ලියා ඇති පමණින් කිසිවක් ගැන විශ්වාස නොකරන්න,

ගුරුවරුන්ගේ හා වැඩිහිටියන්ගේ අධිකාරය මත පමණක් කිසිවක් ගැන විශ්වාස නොකරන්න,

පරම්පරා ගණනාවක් තිස්සේ පැවත ආ සම්ප්‍රදායන් නිසා ඒ මත කිසිවක් විශ්වාස නොකරන්න,

නමුත් නිරීක්‍ෂණයෙන් හා විශ්ලේෂණයෙන් පසුව, යම් දෙයක් තර්කානුකූලව එකඟ වී එක් කෙනෙකුගේ හෝ බොහෝ දෙනෙකුගේ යහපත සඳහා හිතකර නම්, එය පිළිගෙන ඒ අනුව ජීවත් වන්න.

ගෞතම බුදුන්වහන්සේ ------

බලවත් ආත්මය, සුළඟේ කටහඬ තිබෙන්නාවූ ඔබ, මට සවන් දෙන්න. මට ශක්තියෙන් හා දැනුමෙන් වැඩීමට ඉඩ දෙන්න.

රතු සහ දම් පැහැති ලෙස හිරු බැස යෑම බලන්නට මට ඉඩ දෙන්න. ඔබ මට දුන් දෙයට මාගේ දෑත් ගරු කරයි.

ඔබ අවුරුදු ගණනාවක් පුරා මිනිසුන්ට උගන්වා ඇති පරිදි, සෑම කොළයක් හා ගලක් යට සැඟවී ඇති රහස් මට උගන්වන්න.

මාගේ ශක්තිය මාගේ සහෝදරයාට වඩා උසස් වීමට නොව, මගේ ශ්‍රේෂ්ඨතම සතුරා වන -මා, සමඟ සටන් කිරීමට මට ඉඩ දෙන්න.

මා හට මේ ලෝකයේ ඇති කෙටි කාලය හිරු බැස යෑම මෙන් මැකී යත්ම, මාගේ ආත්මය ඔබ වෙත ලජ්ජාවකින් තොරව නැවත පැමිණිය හැකිවනු පිණිස, පිරිසිදු දෑතකින් සහ විවෘත හදවතකින් මම සෑම විටම ඔබ ඉදිරියට එන්නෙමි.

(සාම්ප්‍රදායික සියොස් යාච්ඥාවක් මත පදනම්ව)

තුති පිදුම

ඔහුගෙන් ලද ත්‍යාගශීලි අනුශාසනයන් සහ දිරිගැන්වීම් සඳහා මගේ සහෝදර රයිස් ජෝන්ස් වෙත මාගේ උණුසුම් ස්තුතිය පුද කරන අතර මගේ මිත්‍ර කර්තෘ ඩේවිඩ් ප්‍රොසෙර් සාමිවරයාට පිටකවරය සඳහා ඔහුගේ අදහස් වලටද ඔහුගෙන් ලැබුනාවූ ධෛර්යයටද ස්තූති කිරීමට මා මෙය අවස්ථාවක් කරගනිමි.

සම්බන්ධතා විස්තර

http://deadcentreagency.com

http://facebook.com/MeganTheMisconception

http://twitter.com/Megan_and _Grrr

owen@meganthemisconception.com

http://meganthemisconception.com

http://owencerijones.com

http://tinyurl.com/meganseries

Join our newsletter for insider information

on Owen Jones books and writing

by entering your email address here:

http://meganthemisconception.com

1 ෂෙහෙරාසාඩේස් බැග්ඩෑඩ්

ටෝනි භීතියට පත්ව සිටි නමුත් එය ඔහුගේ එකම විකල්පය බව ඔහු දැන සිටියේය. මිනිත්තු කිහිපයකින්, ඔහු දැන් සිටින තත්වයට වඩා සිය ගුණයකින් භීතියට පත්වන බව ඔහු දැන සිටියේය.

ඔහු සතුව ඔහුගේ කාර්ය සටහන තිබූ අතර එය තත්පරයට මතකයට එක් කරගෙන තිබුණි. ඔහුට වැඩ කිරීමට සිදු වූ බිත්තියේ විශාල ඔරලෝසුව පවා ඔහුට දැකගත හැකි විය. ඔහු තත්පර ගෙවී යන ආකාරය දෙස බලා සන්සුන් වීමට ගැඹුරු හුස්මක් ගත්තේය. එය විශේෂ ලෙස උණුසුම් දවසක් නොවීය. නමුත් ඔහු දැඩි ලෙස දහදිය දමමින් සිටියේය. එබැවින් ඔහු තම ජැකට් සාක්කුවෙන් ඔහුගේ අත් ලේන්සුව රැගෙන කැඩපතක් අසල නතර වී ඔහුගේ මුහුණ පිස දැමුවේය.

ඔහු සන්සුන් වීමට පටන් ගත්තේය. නිද්‍රාජනක ඖෂධය වැඩ කරමින් සිටියේය. මෙය මෙතරම් පහසු වනු ඇතැයි ඔහු නොසිතුවේය. ඔහුට තවත් මීටර් සියයක් ඇවිදීමට හා එය කිරීමට මිනිත්තු පහළොවක් තිබිණි. ඔහු කාලය නාස්ති කිරීමට මෙන් ඇවිදමින් මඟ දෙපස ඇඳුම් දෙස බලා කල්පනා කළේය. ඒ කිසිවක් දැන් වැදගත් නොවනු ඇතැයි ඔහු කල්පනා කළේය. එය කවදා හෝ වැදගත් වුයේ දැයි ඔහු කල්පනා කළේය. ෂර්ට්, කලිසම්, ඇඳුම් කට්ටල, පිරිමින්ගේ සුවඳ විලවුන් ඔහු මලක් ස්පර්ශ කරන ආකාරයෙන් ඒවායින් සමහරක් ස්පර්ශ කළේය. ඉන්පසු කාන්තා ඇඳුම් ප්‍රදර්ශනය කර ඇති කොටස වෙත එස්කැලේටරය මගින් ඉහළට නැගි අතර ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කොට තිබූ පෙදෙස වෙත ගමන් කලේය. ඔහු මාර්ගය දැන සිටියේය; ඔහු දුසිම් වාරයක් මෙහි ගමන් කර ඇත.

තව මිනිත්තු දෙකක් ගතවීමට තිබූ අතර ඔහුට දැනුනේ ඔහුගේ හදවතේ වේගය වැඩිවන බවය. තවත් තත්පර කිහිපයක් රැඳී සිටින ලෙසත්, ප්‍රදර්ශන කැබිනෙට්ටු වලට ළං නොවන ලෙසත් ඔහුට පවසා තිබුණි. ඇත්ත වශයෙන්ම, ඔහුට තරණය නොකල යුතු රේඛාවක් ලබා දී තිබූ අතර, බලන්න, එය ඔහුට මීටරයක් ඉදිරියෙන් විය. ඔහු තම සලකුණ මත, බිත්ති අතර ඇති ඉඩ පේලියේ කාපට් කොටස් දෙකක් එකතු වෙන ස්ථානයේ නැවතී, වෙළඳ දැන්වීමක් කියවන ස්වරුපයක් මවා පෑවේය.

තත්පර පහළොවක් තව තිබිණි. ඔහු තමා අවට බැලුවේ ඔහුගේ දෑස්වල ගැඹුරු ශෝකයක් සහිතවය.

තත්පර දහයක් තිබිණි, ඔහු විකුණුම් සහායකයකුගේ ඇසට හසු වූ අතර ඇය ඔහු දෙසට ඇවිද එන්නට පටන් ගත්තාය. ඇයව ආපසු හරවා යැවීමට ඔහු තම සිතින් ප්‍රාර්ථනා කිරීමට පටන් ගති.

තත්පර පහක්, ඇය ඔහුට කතා කළ නමුත් ඔහු සවන් නොදුන්නේය.

හතර, තුන, දෙක, එක

බිංදුව.

බූම්..

ඔහු කණගාටු වන බව පවසනු ඇයට කිසි විටෙකත් ඇසුනේ නැත, නමුත් ඇය හෝ ටෝනි මේ ලෝකයේ තවදුරටත් නොසිටියෝය.

කන් බිහිරි කරවන පිපිරීමෙන් පසු තත්පර කිහිපයක් සම්පූර්ණ නිශ්ශබ්දතාවයක් ඇති වූ අතර පසුව කෑගැසීම් ආරම්භ විය. මිනිසුන් කෑගසමින්, හඬමින් සිය දිවි බේරා ගැනීමට දුවමින් සිටියහ. මිනිසුන් සහ ඔවුන්ගේ ශරීර කොටස් ප්‍රදේශය පුරා විසිරී වැටී තිබු අතර තැන් තැන්හි ඇවිලුණු කුඩා ගිනි මගින් දුම නගිමින් තිබිණි.

දුම සහ වේදනාවෙන් යුතු කෑගැසීම්, මිනිසුන්ගේ බිය මුසුවූ සුවඳ සහ සෙම්ටෙක්ස් අතර ටෝනි සහ ලස්සන වෙළඳ සේවිකාවගේ ශරීර කොටස්, සිවිලිම පුරාද ඇඳුම් සහ සාප්පු පැමිණි පුද්ගලයින් මතද විසිරී තිබිණි. දෙපාර්තමේන්තු ගබඩාවේ අනතුරු ඇඟවීමේ සීනුව නාද වීම ආරම්භ වූ අතර තත්පර කිහිපයකට පසුව ජල විදින පද්ධතියද ක්‍රියාත්මක විය.

කළු පැහැති ඇඳුම් ඇඟලා ගත් මිනිසුන් හදිසි පඩිපෙළෙන් දිව ආ නමුත් තුවාල වූවන්ට නොව ඔවුන් ඔවුන් හට උදව් කරගැනීමට එහි පැමිණ සිටි අතර ඔවුන් අත වෛද්‍ය වරුන්ගේ බෑග් වෙනුවට මැෂින් තුවක්කු තිබිණි. නමුත් කිසිවෙකුගෙන් කිසිදු ප්‍රතිරෝධයක් ඔවුන් වෙත එල්ල නොවිණි.

බැග්ඩෑඩ් නගර මධ්‍යයේ පිහිටි විශාල දෙපාර්තමේන්තු සාප්පුවකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් තිස් දෙනෙකු මියගොස් එකසිය පනහක පමණ පිරිසක් තුවාල ලබා ඇති බව පසු දින පුවත්පත්වල වාර්තා විය.

ඊට වඩා වැඩි යමක් පුවත්පත්වල කියවීමට හෝ රූපවාහිනියෙන් දැකීමට නොතිබිණි. නමුත් රක්ෂණ ලෝකය කතා වූයේ වෙළඳසැලේ සිදුවූ ස්වර්ණාභරණ කොල්ලය ගැන වන අතර ලෝකයේ ප්‍රධාන බුද්ධි අංශ වලද ඒ ගැන කතා විය.

මෙම ව්‍යාකූලතාවයේ දී ඩොලර් මිලියන දහයමාරක් වටිනා භාණ්ඩ සොරකම් කර ඇති අතර වැරදිකරුවන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොතිබුණි. ඔවුන් හට ටෝනි, සිය සීසීටීවී කැමරාවල සටහන්වී සිටියද ඔහුද මියගොස් සිටියේය. එය සිදුවන බවද ඔවුන් දුටු අතර එවිටම කැමරාව ක්‍රියා විරහිත විය. ඔවුන්ට සිදුවූ අලාභය ආරක්ෂක කාර්ය මණ්ඩලයේ සහ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලයේ කොල්ලකරුවන් පිට පටවා එතැනින් එය අතහැර දමා තිබුණි.

ආරක්ෂක සහ පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ අඳුරු පැහැති වැඩ කටයුතු කරගෙන යන අතරතුරේදී ඔවුන් සොයාගත් වටිනා භාණ්ඩ සොරකම් කිරීම් ගැන මෙයට පෙර අසා තිබුණි. එය සමහරෙකුට වරප්‍රසාදයක් වූ අතර ධනවත් බටහිර රක්ෂණ සමාගම් කෙසේ වංචා කරනු ලැබුවද කිසිවෙකු ඒ පිළිබඳව නොසිතති. යුද්ධයට හා ත්‍රස්තවාදයට එරෙහිව වගන්තියක් තිබේ නම්, සමහර ධනවතුන් එම බිල්පත දරාගනු ඇත. එයද පොලිසියේ රාජකාරී කරන්නන්ට අදාළ නොවුනි.

අනුකම්පාව මුළුමනින්ම වෙන් කර ඇත්තේ මියගිය අය, ආබාධිතයන් සහ ඔවුන්ගේ ඥාතින් කෙරෙහි මිස කඩ සාප්පු ගබඩා හිමියන් සඳහා නොවේ.

ෂෙහෙරාසාඩේස් දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳ වඩාත්ම කැපී පෙනෙන කාරණා දෙක නම්, බොහෝ දුරට දේශීය ජනතාවට ඇතිවූ දුක, අවාසනාව සහ එම ස්ථානය පිරිසිදු කිරීමට, එය නැවත ආරක්ෂිත ස්ථානයක් කිරීම සහ නැවත විවෘත කිරීම සඳහා ඔවුන්ට ලැබුන අතිකාල දීමනාවන් ය.

සාප්පු හිමියන්ට සහ කාර්ය මණ්ඩලයට සිදු වූ හානිය ඉතා භයානක වූ නමුත් ගොඩනැගිල්ලට වූ සත්‍ය හානිය ගණන් ගත නොහැකි තරම් සුළු විය. මන්දයත් ස්වර්ණාභරණ දෙපාර්තමේන්තුව අවට බිත්ති මෑතකදී කිරිගරුඬ පුවරු වලින් ආවරණය කර තිබූ අතර ඒවා පිපිරීමට හොඳින් ඔරොත්තු දී තිබිණි. එලෙසම බෝම්බය නිර්මාණය කර තිබුනේ මිනිසුන් ඝාතනයට මෙන්ම ඔවුන්ව අංගවිකල කිරීමේ පරමාර්ථයෙන් විනා ගොඩනැගිල්ලට ව්‍යුහාත්මක හානියක් සිදු නොකිරීමටය.

පුපුරණ ද්‍රව්‍යය වටකර ඔතා තිබූ මිලිමීටර හයක විෂ්කම්භයකින් යුත් යකඩ බෝල මිනිසුන් විනාශ කිරීමට හා ප්‍රදර්ශන කැබිනට්ටු වල තද වීදුරු පසාරුකර යාමට තරම් බරින් යුක්ත වූ නමුත් බිත්ති හෝ සිවිලිම් පහළට ගෙන ඒමට නොහැකි විය. කෙසේ වෙතත්, බොහෝ අය ඒ ගැන දැන නොසිටි අතර ටෝනි ද එය දැන නොසිටියේය.

පිපිරීම පිළිබඳ විමර්ශන එදිනම සවස ආරම්භ වූයේ ගබඩාවේ ආරක්ෂක කාර්ය මණ්ඩලය ඔවුන්ගේ කැමරාවල පටිගත කිරීම් පොලිසියට භාර දුන් විට සිද්ධියට වගකිවයුත්තන් සොයා ගැනීමට උත්සාහ කිරීම සඳහාය.

නිරීක්ෂණ කැමරා, ඉතා පැහැදිලිව පෙනෙන ග්ලිටර් ග්ලෝබ් හෙවත් සිවිලිමේ එල්ලා ඇති ගෝල මත සවි කර තිබූ අතර, ඒවා හය බැගින්, සිවිලිමෙන් එල්ලා, ගබඩාව වටා ඇති සෑම අංගයක්ම කැමරාවකින් ආවරණය වන ලෙස සවිකර තිබිණි. සෑම කැමරාවක්ම සෑම විටම පටිගත කර නොතිබුණි. සෑම කැමරාවක්ම ක්‍රියාත්මක වුන අතර එකකින් පටිගත කිරීම් ආරම්භ වී තත්පර දහයකට පසු ඊළඟ කැමරා කාචය මගින් පටිගත කිරීම් සිදුවුනි. විවිධ කෝණවලින් සහ විවිධ නාභිගත ස්ථානවලින් ගබඩාවේ සෑම ස්ථානයක්ම පාහේ නිරීක්‍ෂණයට ලක්වන පරිදි ග්ලෝබ් ස්ථාපනය කර තිබූ අතර පටිගතවීම් මාරුවීමද සකසා තිබිණි.

ෆෙඩරල් පොලිස් නිලධාරීන් විසින් බෝම්බය පිපිරුන මොහොතේ සිට පටිගත කිරීම් පසුපසට ධාවනය කළ අතර, එමගින් බෝම්බකරුගේ රූපය සොයාගෙන, පසුව ඔහු ගබඩාවට ඇතුළු වූ ආකාරය ගැන සොයා බැලීය. ඔහු ගබඩාවට ඇතුළු වන බව ඔවුන් දුටු විට, ඔහුගේ ගමන් මග නිරීක්ෂණය කිරීම පහසු විය. සෑම නිලධාරියෙකුම එකඟ වූයේ, ඔහුගේ ඇඳුම් ආයිත්තම්වලින් නොව, ඔහුගේ හැසිරීමෙන් සැඟවීමට යමක් ඇති බව දැකීමට හැකි බවය. ඔහු නිසැකවම ඇඳුමින් මහත්වී නොසිටියේය.

නිලධාරීන් හය දෙනෙකු විශාල තිරයක් සහ කුඩා තිරයක් මත දර්ශනය නැරඹූහ. විශාල තිරය මගින් පෙන්වූ රූපයේ නොපැහැදිලි තාවයක් තිබූ නමුත් ඒ සඳහා සාදන ලද මෘදුකාංග මඟින් තිරයේ රූපය තමන්ට රිසිසේ හැසිරවිය හැකි විය.

ටෝනි, ඔවුන් ඔහුගේ නම නොදැන සිටියද, මිනිත්තු විස්සකට ආසන්න කාලයක් සාමාන්‍ය වේගයෙන් දෙපාර්තමේන්තු ගබඩාවේ සිටිනු ඔවුන් නිරීක්ෂණය කල අතර පසුව ඔවුන් එම දර්ශන මන්දගාමී වේගයෙන් ධාවනය කොට නැරඹූහ.

කිහිප වතාවක්ම.

ඔවුන් චිත්‍රපටය නැරඹූහ, මුළු රාත්‍රිය පුරා චිත්‍රපටය නැරඹූහ. නැවත නැවතත් නැරඹූහ. ඒ අතර අපරාධ අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සහ අනෙකුත් පොලිස් හා හමුදා නිලධාරීන් මෙම බිහිසුණු සිදුවීම සිදුවූ ස්ථානය පරික්ෂා කළහ.

උදෑසන දවස උදාවෙත්ම, පැය දහහතරකට පසුව, ඔවුන්ට කාර්යය නතර කිරීමට සිදු වූ අතර, විවේක ගැනීම සඳහා අකමැත්තෙන් ගෙදර ගියෝය. රාත්‍රී වැඩ මුරය කරනවුන් අතිකාල දීමනා මත කාර්යය භාර ගත් නමුත් දිවා මුරය කරනවුන් විවේක ගෙන පැය පහකට පසු නැවත පැමිණෙන තුරු ඔවුන් රාජකාරියේ නියැළුණි. . ඔවුන්ද නැවත නැවතත් එම දර්ශන නරඹා සටහන් සකස් කලේ එය ඔවුන්ගේ සගයන් සමඟ බෙදා ගැනීමේ අරමුණ ඇතිවය.

වැඩ මුර දෙකෙහි සියලු දෙනා එකඟ වූ එක් කරුණක් නම්, බෝම්බකරුගේ නොසන්සුන් බව පැහැදිලිව දිස්වූ බවය. රාත්‍රී වැඩ මුරයේ ප්‍රධාන නිලධාරියා විසින්, සැක සහිත පුද්ගලයින් හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳ ගබඩා ආරක්ෂක කාර්ය මණ්ඩලය සඳහා පුහුණු කිරීමේ වීඩියෝවක් සැකසීමට චිත්‍රපටයේ කොටස් ඇතුළත් කිරීම සඳහා උපදෙස් පත්‍රිකාවක් පිළියෙළ කළේය. කෙසේ වෙතත්, ඉතිරි අය තවමත් ව්‍යාකූලව සිටියහ.

දිවා වැඩ මුරය කරනවුන් නැවත කාර්යය භාරගත් විට, ඔවුන් කෝපි බොමින් වාඩි වී නැවත මන්දගාමී ස්වරූපයෙන් චිත්‍රපටය නැරඹූහ.

සර්, ඒක නවත්වන්න! තත්පර කිහිපයක් ඒක පස්සට ගෙනියන්න, කරුණාකරලා, දැන් එක සැරේකට එක රාමුව ගානේ යවන්න. මම කියන කොටම නවත්තලා තියාගන්න ලෑස්ති වෙන්න. තරුණ ෆෙඩරල් පොලිස් නිලධාරිනියක් පැවසුවාය. මම හිතන්නේ මම මොකක් හරි දැක්කා එතන පේනවද? ඒ මිනිහා එයාගේ නළල පිහිදැම්මා, බලන්න! එයාගේ ලේන්සුවේ දුඹුරු පාටක් තියනවා! එක්කෝ ඊයේ ගොඩාක් දූවිලි තියෙන්න ඕනේ, නැත්තම් මම හිතන්නේ අපේ මිනිසා වේශ නිරූපණයක්, වේදිකා වේශ නිරූපණ ද්‍රව්‍ය පැළඳ ගෙනයි ඉන්නේ. අපි ඔක්කොමලා හරි, මම හරි, අඩුම ගානේ හිතුවේ මෙයා මැද පෙරදිග ඉඳන් ආපු කෙනෙක් කියලයි, නමුත් මට දැන් ඒ ගැන විශ්වාස නැහැ. බලන්න, එයාගේ නළල දැන් ටිකක් සුදු යි හිඩසක් වගේ. ආපසු පස්සට ගිහින් ඒ ටික ආයෙමත් ධාවනය කරන්න, සර්, ඔයා කැමති නම්. බලන්න මම අදහස් කළේ මොකක්ද කියලා තේරෙනවද?

Ваша оценка очень важна

0
Шрифт
Фон

Помогите Вашим друзьям узнать о библиотеке

Похожие книги